brand logo

වැඩිහිටි-ආබාධිත හා වකුගඩු දීමනා අද ගෙවයි

06 April 2020

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා සම්පුර්ණයෙන්ම අද (06) දිනයේ දි ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් සිදු කිරිමට තීරණය කළ බව අමාත්‍යංශය සඳහන් කරයි. සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ද ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.
 

More News..