brand logo

වැඩිපුර මත්පැන් පානය කරන ලෙස රජය තරුණයන්ට කියයි

19 August 2022

අදායම වැඩි කරගන්න රජය යොදන උපාය

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන විශාල ප්‍රශ්නයක් නම් රාජ්‍ය ආදායම විශාල ලෙස පහත වැටීමත් සමඟ රාජ්‍ය වියදම ඉතාමත් අධික ලෙස ඉහළ යාමය. අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ රොයිටර් පුවත් සේවය සමඟ පසුගියදා පැවසුවේ ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උදව් කරන බවත්, ඒ වෙනුවෙන් චීනය හා ඉන්දියාව ඇතුලුව ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන බවයි. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින අතර තම ආදායම වැඩිකරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. ජපානය මේ සඳහා වෙනස්ම ක්‍රමයක් උපයෝගී කර ගැනීමට සැරසෙයි. ඒ නව උපක්‍රමයක් හරහා එරට මතින් තොර තරුණ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය වෙනස් කිරීම හරහා රජයේ ආදායම වැඩිකරගැනීමයි. ජපානයේ බොහෝ තරුණ වැඩිහිටියන් මතින් තොර ජන කොට්ඨාසයකි. එහෙත් බලධාරීන් නව ක්‍රමවේදයක් හරහා ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් කිරීමට බලාපොරොත්තු වේ. තරුණ පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා අඩුවෙන් මත්පැන් පානය කරන බව කියවේ. එය සකේ වැනි මත්පැන් වර්ග වලින් රජයට ලැබෙන බදු ආදායම අහිමිවීමට හේතුවකි.
 

More News..