brand logo

වැඩබලන ඇමැතිවරු 03ක් පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනියි - අගමැති

13 June 2019

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍යාංශ 03කට වැඩබලන ඇමැතිවරුන් තුන්දෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලිපිය ජනාධිපතිවරයා වෙත අගමැතිවරයා 12වනදා යවා ඇති බව එම ආරංචි මාර්ගවලින් සඳහන් වන අතර රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ 04ක් පුරප්පාඩු වී ඇත. පුරප්පාඩු වූ එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවනු ලැබු නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පත් කළේය.
 

More News..