brand logo

වැඩට යන්න කොවිඩ් ග්‍රීන් කාඩ්පත අනිවාර්යයි

17 September 2021

ඔක්තෝබර් 15 සිට ක්‍රියාත්මක අලුත් නියෝගය

ඉතාලියේ සියලු අංශවල වෘත්තිකයන් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂිත බවට වන ග්‍රීන් කාඩ්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත සහ වෛරසය ආසාදනය වී නොමැති බවට වන සහතිකයක් හෝ ආසාදිතව සිට සුවය ලැබූ බවට වන ලියවිල්ලක් රාජකාරියට වාර්තා කිරීමේ දී අනිවාර්යය කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත. සියලුම සේවකයින් සඳහා එම නියෝගය ලබන ඔක්තෝබර් මස 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිත වේ වලංගු සෞඛ්‍ය බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ඕනෑම වෘත්තිකයෙකුගේ සේවය ගෙවීමකින් තොරව අත්හිටුවීමක් සිදුකරන නමුත්, එම නියෝගයේ කෙටුම්පතට අනුව සේවයෙන් පහකිරීමක් සිදු නොවන බව වාර්තා වේ. එම නියෝගය නොසලකා හැර රැකියාවට යන පුද්ගලයින්ට යුරෝ 600 සිට 1500 දක්වා දඩයකට මුහුණ දීමටද සිදුවේ. එවැනි නියෝගයක් ප්‍රකාශයට පත්කළ පළමු යුරෝපා රට බවට ඉතාලිය පත්වන අතර එමගින් එන්නත්කරණ වැඩපිළි‍වෙල ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. Italy requires COVID-19 pass for all workers from Oct. 15 | World News |  madison.com  
 

More News..