brand logo

වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ

27 November 2019

සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළෙඹි බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී අද (27) සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මීට අමතරව තවත් බදු සහන පැකේජයක් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කළේය. ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි ආර්ථික සේවා ගාස්තු අහෝසියි බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි උපයන විට ගෙවන බදු අහෝසියි පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි ණ්‍ය සේවා බදු අහෝසියි ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි විදුලි සංදේශ ගාස්තු 25%කින් කෙරේ වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්
 

More News..