brand logo

වැගන් ආර් ගෙන්වීම නවතී - හේතුව වෙනම එකක්

28 March 2019

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන MH55S Wagon R රථ ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවැසීය. රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R මෝටර් රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පැවසීම සහ පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම ඊට හේතුවී තිබේ. මේ හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. රුපියල් ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් රුපියල් ලක්ෂ 36-37 කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද සඳහන් කළේය.
 

More News..