brand logo

වාහන මිල දැවැන්ත ලෙස ඉහළ යයි

17 March 2022

නිශාන් ලීෆ් රථවල මිල ලක්ෂ 50 ඉක්මවයි

රට තුළ මේ වන විට පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග වාහනයක් මුල්වරට මිලදී ගැනීමට සිහින දකින පුද්ගලයින් ද, වාහන මිලදී නොගැනීමේ තීරණ වලට මේ වන විට එළඹ ඇති බව නොඅනුමානයි. ඉන්ධන මිලදී ගැනීම සදහා දැඩි පෝලිම් වල සිටින අයුරු දැනට සති ගණනාවක් තිස්සේ රට තුළ ජීවත්වන සෑම කෙනෙකුට දක්නට ලැබේ. මෙම තත්ත්වයත් සමග ඉලෙක්ට්‍රික් වාහන වල යම් පිබිදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. වාහන අලෙවිකරන ස්ථානවල සහ වාහන අලෙවිකරන වෙබ් අඩවි වල ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිල ගණන් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

උදාහරණයක් ලෙස නිශාන් ලීෆ් 2013 වර්ෂයේ මෝටර් රථයක් මේ වන විට ලක්ෂ 50කට අධික මිලකට අලෙවි කිරීමට දමා ඇති අයුරු ඔබට දකින්නට පුළුවනි.

එමෙන්ම නිශාන් ලීෆ් 2012 මෝටර් රථයක් ලක්ෂ 24 ඉක්මවා අලෙවි කිරීමට දමා ඇත. කෙසේ වෙතත් අප අමතක නොකළ යුතු ප්‍රශ්නයක් වේ, එනම් විදුලි කප්පාදුව ද තවමත් සිදුවන බැවින් ඉලෙක්ට්‍රික් මෝටර් රථවලට ද යම් අර්බුදයකට මුහුණදීමට සිදුව තිබේ. මේ අතර ඉන්ධන මෝටර් රථ වල කිසිදු අඩුවීමක් දක්නට නොමැති අතර, ඒවා ද ඩොලරයේ වැඩිවීමත් සමග යම් මට්ටමකට ඉහළ ගොස් ඇත. පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්….. ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80 ඉක්මවයි ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44 ඉක්මවයි සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30 ඉක්මවයි සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි https://youtu.be/RrnsVch3hns  
 

More News..