brand logo

වාහන ආනයනය කරන දිනය ගැන තීරණය ළගදීම

17 February 2022

වාහනවල කෘතිම මිලට කරන්න යන දේ

ශ්‍රී ලංකාවේ වාහන වෙළෙද පොළට වාහනය ආනයනය නතර කර මේ වන විට වසර දෙකක කාලයක් ගතවී ඇත. 2020 මාර්තු මස මෝටර් රථ ආනයනය නතර කිරීමත් සමගම මෙරට තුළ පවතින , භාවිතා වන මෝටර් රථවල මිල අහස උසට මිල ගණන් ඉහළ ගොස් තිබේ. ආනයනය නතර කිරීමට පෙර මෙරටට වසරකදි ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්න වේ. ඉතිං නැවතත් ලංකාවට වාහන ආනයනය කරන්න ලැබෙන්නේ කවදා දැයි පාරිභෝගික ජනතාව තවදුරටත් මග බලා සිටියි. ඒ පිළිබදව අප මහ බැංකු අධිපතිතුමන්ගෙන් සහ වාහන ආනයනකරුවන්ගේ කළ විමසීමයි මේ.....

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්....

දියුණු රටවල් පවා අවුරුදු 10ක් පරණ වාහන ගේද්දි අද අපේ රටේ තියෙන්නේ අවුරුදු 3යි. අපිට 7 කෙ‌රුවොත් 70%ක් විතර අඩුවෙන් ගන්න පුළුවන්.

විදේශ රටවල්වල ගොඩක් අය ඉන්නවා මේ ඩොලර් එක 203ට තියලා තියෙන නිසා ඉදිරියේදී ඒක ගණන් යයි කියලා ඒක පාවිච්චි කරන්නේ නෑ.

අපි යෝජනාවක් දුන්නා අපේ මේ බැංකු පද්ධතිය අපේ මුදල් සංචිතවල කිසිම අදාළත්වයක් නැතිව වෙනත් රටවල් ඒ වගේ මුදල් අඩු ප්‍රමාණයේ වාහන වලට මුදල් ගෙවලා, බදු මුදල් ලංකාවටත් එවලා ඒ වගේ ක්‍රමයකින් නැවත ලංකාව පණගන්න.

මේ හැංගිච්ච මුදල් තමයි මේ එළියට එන්නේ. එතනින් එහාට ලොකු බදු මුදල් ප්‍රමාණයක් ලංකාවට එනවා.

ඒ වගේම තමයි මේ වගේ යම්කිසි ප්‍රමාණයේ වාහන ගෙන ඒමට ඉඩ දුන්නොත් මේ තියෙන වෙළෙද පොලේ අනිසි මිල ගණන් පල්ලහාට යනවා. ඉතිං මේක කරන්න පුළුවන්.

අඩුම ගානේ අපිව ගෙන්වගෙන මේ ගැන සාකච්ඡා කරන්න...

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්....

අපි වාහන ආනයනය නතර කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී යම්කිසි විදේශ විනිමයේ තියෙන පීඩනයක් නිසා.

ඒ පීඩනය තිබෙන්නේ විශේෂයෙන්ම සංචාර ක්ෂේත්‍රයෙන් අපිට ලැබුන මුදල අඩුවීම නිසා.

ආර්ථික තත්ත්වය යහපත් අතට ආවට පස්සේ අපිට වාහන ආනයනය කිරීම පිළිබදව තීරණයක් ගන්න පුළුවන්.

 

More News..