brand logo

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට - විමල් කියයි

10 February 2020

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානීන් හා ඒවායේ ඉංජිනේරු බලකා නිලධාරීන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කළ යුතු බවත්, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(10) කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදි ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “ගෙවී ගිය කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ රජය මේ රටේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් වැදගත් වන තීරණ ගණනාවක්ම ගනු ලැබුවා. ණය ගෙවාගත නොහැකිව සිටි මේ රටේ ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට ලබා දුන් සහන රැසක් ද ඒ අතර වෙනවා."  
 

More News..