brand logo

වාර්තාගත එන්නත්කරණයක් පසුගිය දිනයේ

14 July 2021

ඊයේ (13) මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකර තිබෙන බව වාර්තා වී තිබේ. රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් ලබාදුන් බවය. ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකු සඳහාත් ලබාදී ඇත. තවද ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදී තිබේ.
 

More News..