brand logo

වාරය නගරයේ රැකියා අවස්ථාවලින් 75%ක් ලාංකිකයන්ට

19 May 2021

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් වෙන්විය යුතුය යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. කෙසේ නමුත් ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ලාංකිකයන්ට නොමැති අවස්ථාවක දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද සඳහන් කරයි. අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත. මේ අතර එම වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ලාංකිකයකුට ලැබිය යුතු බවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ. එසේම මෙමගින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත . මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත්, සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ,සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියේය.
 

More News..