brand logo

වායුසමීකරණය නොකළ ඔසුසැල් වලට නීතිමය පියවර

23 February 2020

වායුසමීකරණය නොකළ ඔසුසැල් (ෆාමසි) සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත. ඖෂධවල නිසි ප්‍රමිතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඒවායේ ගුණාත්මකභාව ආරක්ෂා කිරීම සදහා ඖෂධ නියමිත උෂ්ණත්වයක තැබිය යුතුබැවින් ඔසුසැල් වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කර ඇතැයි ඖෂධ අධිකාරියේ ප්‍රධාන ඖෂධ හා ආහාර පරීක්ෂක අමිත් පෙරේරා මහතා සදහන් කරයි. විදුලිබිල අදිකව දැරීමට නොහැකි බව පවසා ඇතැම් ඔසුසැල් හිමියන් වායුසමීකරණ භාවිත නොකර සිටියදී ඖෂධ සමාගම් ඔසුසැල් හිමියන්ට යම් සහනයක් ලබා දීමට කටයුතු කළ බැවින් මේ වන විට ඔවුන්ට විදුලිබිල ගෙවීමේ බරපතල ගැටලුවක් නොමැති බවද ‌හෙතෙම පෙන්වාදේ. කෙසේ නමුත් මේ වන විටත් ඇතැම් ඔසුසැල් හිමියන් වායුසමීකරණ යන්ත්‍ර භාවිත නොකර තම ඔසුසැල් පවත්වාගෙන යනබවට තොරතුරු ලැබී ඇතැයිද අමිත් මහතා පැවසීය. ඒ අනුව දිවයිනපුරා 4200ට අදික ඔසුසැල් පවතින බැවින් ඒවා පරික්ෂා කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන ඔසුසැල් නීතිය හමුවටය ගෙන ඒමට නොපමාව කටයුතු කරන බවද හෙතෙම අවදාරණය කළේය.   ශ්‍රියානි විජේසිංහ
 

More News..