brand logo

වාද්දුව පොතුපිටියේ කවීෂ ‘අරුණ සමග මිලියනය’ දිනා ගනී

07 November 2019

දිනපතා ‘අරුණ’ පුවත්පත මෙහෙයවූ ‘අරුණ සමග මිලියනයක්’ තරගයේ මුල්ම දිනුම් ඇදීම ඊයේ (06 වැනිදා) අරුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර, එහි ප්‍රථම ජයග්‍රාහකයා වශයෙන් වාද්දුව, පොතුපිටියේ කවීෂ සඳනුවන් හේමපාල තෝරා ගැනුණි. දිනුම් ඇදීම සඳහා යොමුකර තිබුණේ ‘අරුණ සමග මිලියනයක්’ තරගය සඳහා ඔක්තෝබර් මාසයේ ලැබුණු විසඳුම්පත්ය. දිනුම් ඇදීම දෙරණ ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල සහ ලිබර්ටි පබ්ලිෂර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා විශේෂ අමුත්තා වශයෙන් දිනුම් ඇදීමේ අවස්ථාවට සහභාගි විය. ජයග්‍රාහකයා තෝරා ගන්නා ලද්දේ ඔහු අතිනි. ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක ත්‍යාග ප්‍රදානය හෙට (08 වැනිදා) ‘අරුණ’ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරේ.
 

More News..