brand logo

ව්‍යාපෘතියේ ප්‍රගතිය බලන්න ආ චීන නියෝජිතයා

10 October 2020

  චීනයේ ඉහළ පෙළේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණියේ ‘‘පෝට් සිටි’’ ඇතුළු චීනය මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමර්ශනය කිරීම වෙනුවෙන් බව චීන-ශ්‍රී ලංකා බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහන (Belt Roadinitiative Sri Lanka BRISL) ප්‍රකාශ කරයි. චීනය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක වෙනුවෙන්ම එම වැඩසටහන මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම බලධාරියකු වන (චීන පාලනයේ දෙවැනි ඉහළම බලධාරියා ලෙස සැලකෙන) යැන්ග් ජීචිගේ (Yang Tiechi) ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඉන්දියාව අතිශය විමසිල්ලෙන් පසුවන බවට ඉන්දියාවේ ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘‘ද හින්දු’’ (The Hindu) පළකර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමිනි. ‘‘ද හින්දු’’ වාර්තාවේ පළ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ශ්‍රී ලංකාව පදනම් කරගෙන අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී ඇති මෙවැනි මොහොතක චීනයේ ඉහළ පෙළේ නියෝජිතයකුගේ මෙම හදිසි සංචාරය පිළිබඳව ‘‘නවදිල්ලිය’’ දැඩි අවධානයකින් පසුවන බවයි. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව චීන නායකයකු දකුණු ආසියානු කලාපයේ සංචාරය කර නොමැති බැවින් යැන්ග් ජීචිගේ මෙම හදිසි සංචාරය ශ්‍රී ලංකාව හරහා දකුණු ආසියානු කලාපයටම තීරණාත්මක ලෙස බලපාන බවද ද හින්දු පවසයි. එම නිසා වොෂිංටනය (ඇමරිකාව) සමග කොවිඩ් 19 වසංගතය පැරදවීමේ සටනේ දී සමීප කටයුතු කරන ‘‘නවදිල්ලියට’’ (ඉන්දියාවට) මෙම සංචාරය පිළිබඳව අවදානය යොමු කර සිටිය නොහැකි බවද පුවත්පත පෙන්වා දෙයි. එසේම අගමැතිවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ මහින්ද රාජපක්ෂ අතර සිදු වූ සාකච්ඡාවලින් හා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ඉන්දියාව සහ චීනය අතර පවතින මත ගැටුම් පිළිබඳව ඔහුගේ ජපාන සංචාරය අතරතුර අදහස් දැක්වීමෙන් දින කිහිපයකින් පසුව මෙම සංචාරය සිදු වීම පිළිබඳවද ‘‘ද හින්දු’’ වාර්තාවේ වැඩි අවධානයක් යොමුව ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් විසින් මෙරට ඉංග්‍රීසි පුවත්පතකට පළකළ අදහස් පදනම් කරගනිමින් මේ වන විට චීනය සහ එක්සත් ජනපදය අතර මත ගැටුම් නිර්මාණ වී ඒවා ඉතාම නරක අතට හැරී ඇති අතර චීනයට පහර ගැසීම සඳහා මේ වන විට නොනිල වශයෙන් ඉන්දියාව සහ ජපානයද එක්සත් ඡන්පදය සමග එක්ව සිටින බව තානාපති අංශ සහ අදාළ රටව ජනමාධ්‍යවල හැසිරීම අනුව ප්‍රදර්ශනය වේ. නයන තරංග ගමගේ
 

More News..