brand logo

ව්‍යාපාරිකයකුගෙන් සොරකම් කළ මැණික් පාර්සලය විකිණීමට ගිය සොරා පොලීසියට කොටුවෙයි

28 July 2019

රුපියල් ලක්ෂ අනූදෙකක් වටිනා මැණික් ගල් තොගයක් විකිණීමට බස් රථයකින් රුගෙන ගිය ව්‍යාපාරිකයකුගේ සාක්කුවෙන් හොර රහසේ එය පන්නාගෙන ගිය රටේ ලියාපදිංචි අපරාධකරුවකුට කොල්ලය සිදුවී පැය විසිහතරක් යන්නට පෙර බම්බලපිටියට පොලීසියේ නිලධාරීන් අල්ලා ගෙන ඇත. කොල්ලකන ලද මැණික් තොගය විකුණන්නට යන මොහොතේ ලද තොරතුක් මත උපායශීලීව ව්‍යාපාරිකයන් මෙන් මැණික් මිලදීගන්නා අයුරෙන් ගිය පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (27) දහවල් සැකකරු සමග කොල්ලකන ලද මැණික් තොගය සොයාගෙන ඇත. මැඩගස්කරයෙන් රුගෙන එන ලද මෙම මැණික් තොගය රුගෙන කොහුවලට පැමිණ ඇති ව්‍යාපාරිකයා එය මිලදී ගන්නට පැමිණ පිරිසකට පෙන්වා එම ගණුදෙනුව සිදු නොවූ නිසා සිකුරාදා (26) දේව මෙහයට එක්වන්නට වැල්ලවත්ත මුස්ලිම් පල්ලියට ගොස් ඇත. මුස්ලිම් පල්ලියේ දේවමෙහෙයට එක්වූ පසුව යළි මොරටුවේ සිට කොළඹ යන බස් රථයකට නැග ඇත්තේ ඔතන ලද මැණික් ගල් පාර්සලය කලිසම් සාක්කුවේ දමාගෙනය. බම්බලපිටිය හංදියෙන් බැස ගත් පසු තම කලිසම් සාක්කුවේ මැණික් පාර්සලය නොමැති බවට දැනගත් පසුව අදාළ ව්‍යාපාරිකයා වහාම මීළග බස්රථයේ නැගි තමා පැමිණි බස්රථය සොයාගොස් ඇත. විදුලි ආලෝක සංඥා ඇති තැනක තමා පැමිණි බස්රථය නවතා ඇති අයුරු දැක වහාම එය වෙත දිවගොස් තමා අසුන්ගෙන සිටි තැන මැණික් පාර්සලය වැටී ඇත්දැයි සොයා ඇතත් එය හමුවී නැත. තමා අසල වාඩිවී සිටි පුද්ගලයා ද අසුනේ නොමැති බව දැනගත් ව්‍යාපාරිකයා බම්බලපිටිය පොලීසියට ගොස් මේ ගැන පැමිණිලි කර ඇත. බම්බලපිටිය පොලිස් ස්ථානාදිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්නගේ උපදෙස් මත අපරාධ අංශයේ සථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද, පොලිස් සැරයන් ගමගේ (11524), කොස්තාපල්වරුන් වන අතුල (55354), ජයසිංහ (45854) යන කණ්ඩායම යොදවා ප‍්‍රදේශයේ ඇති නමගිය අපරාධකරුවන්ගේ :ෂඍක්‍* තොරතුරු සොයායද්දී මෙම සැකකරු ගැන හෙළිවී ඇත. ඒ අනුව ව්‍යාපාරිකයන් මෙන් වෙස් වලාගෙන මැණික් මිලදීගැනීමට ගොස් සැකකරු අල්ලාගෙන ඇත. මෙම සැකකරු දිනකට රුපියල් තුන්දහසක පමණ හෙරොයින් පානය කරන්නෙකු බවත්, මහමගදී මුදල් පසුම්බි හා පාර්සල් සොරකම් කරන්නෙකු බවත් හෙළිවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..