brand logo

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කොට අලෙවි කළ හතරක් අත්අඩංගුවට

11 December 2018

ව්‍යජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගල‍යින් හතරදෙනෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියා මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ ව්‍යාජ නිළ මුද්‍රාවක් සකස් කොට තාවකාලික රියදුරු බලපත් සකස් කොට ව්‍යජ රියදුරු බලපත්‍රයක් රුපියල් 15000 ත් 18000 ත් අතර මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් කිලිනොච්චිය,පදවිය,ගල්ගමුව හා වවුනියාව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ව්‍යජා රියදුරු බලපත් සකස් කළ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වි ඇති අතර, ජාවාරමට සම්බන්ධ අනෙකුත් තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය    
 

More News..