brand logo

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු මාට්ටු

10 January 2019

ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද(10) අලුයම චාවකච්චේරි පොලිසියට ලැබුණු තොරතුරක් මත කයිනඩි ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනා සතුව තිබු ව්‍යාජ මුදල් නෝට්ටු (5000) 20ක් සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා නෙදුන්කර්නි පදිංචිකරුවන් දෙදෙනෙකු වේ. වව්නියාව පොලිසිය ඊයේ රාත්‍රීයේ සිදුකළ තවත් වැටලීමකදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 18ක් සහ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
 

More News..