brand logo

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාට්ටු

31 August 2020

ලක්ෂ 10 ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ. නීති විරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි 5000 නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක සැකකරුවෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල කොට්ටාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා හට ලැබුණු තොරතුරකට අනුව අද(31) මෙම වැටලීම සිදුකර අදාළ මුදල් නෝට්ටු රැගෙන යමින් සිටි ප්‍රධන සැකකරු සහ ඔහු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 10 ක වටිනා කමින් යුත් මෙම 5000 නෝට්ටු 200ක් සහ ඔහු ගමන්ගත් යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. පසුව එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අදාල මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. එම සැකකරු රන්න උඩයාල ප්‍රදේශයේ පදිංචි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වේ. පසුව ඔහු සතුව තිබී මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණකය හා එහි උපාංග මෙන්ම මුද්‍රණයන්ත්‍රයද පොලිස් බාරයට ගෙන අදාල වෙළඳ සැලට තාවකාලිකව මුද්‍රා තබන ලදී. අදාළ වෙළඳ සැලද සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් එකක් බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ. කෙසේ නමුත් මුදල් මුද්‍රණය කරන ලද අදාළ සැකකරු රුපියල් 5000 නෝට්ටු 200ම මුද්‍රණය කිරීම සදහා ප්‍රධාන සැකකරු ගෙන් රුපියල් දසදහසක් පමණක් ලබාගත් බවත් ඔහු එය විදෙශිකයින් හට ලබාදීමට පවසමින් මුද්‍රනය කරගත්බව මුදල් මුද්‍රණය කරදුන් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර මෙම වැටලීම තංගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රවින්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල සහකාර පොලිස් අධිකාරී I සනත් අමරසිංහ මහතාගේ උපදස් මත තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා ප්‍රධානත්වයෙන් උ ,පො .පා ,කුලසේන , පො ,සැ .37208 දිසානායක ,35599 නාමල් , 48327 ගුණසේකර , 50722 පුංචිහේවා ,පො ,කෝ .68094 විජේතුංග , 79437 ප්‍රතාප සිංහ යන නිලධාරීන් විසින් සිදුකරන ලදී. අජිත් පුෂ්පකුමාර-අම්බලන්තොට
 

More News..