brand logo

වළලපු බෝම්බ ගොඩ දාන්න.. හොඳටම පුළුවන් කාන්තාවන්ට

12 March 2021

ශ්‍රී ලංකාව ‘‘බිම් බෝම්බවලින් තොර රටක්’’ යන ඉලක්කය කරා ළඟා වෙමින් සිටින බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලවල බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින බිම් බෝම්බ උපදේශන කණ්ඩායමට (MAG) මුණ ගැසීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මාටින් කෙලී පසුගියදා ගොස් ඇති අතර එහිදී ලබාගත් තොරතුරුවලට අනුව මෙම ප්‍රකාශය කර ඇත. එක්සත් ජනපදය 2021 වර්ෂයේ මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 5.5 ක (රුපියල් බිලියනයක) මුදලක් වෙන් කර තිබේ. එසේම බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය වෙනුවෙන් කාන්තාවන් යෙදවීම පිළිබඳවද එක්සත් ජනපදය වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම මාරාන්තික උපාංග ඉවත් කිරීම සඳහා කුසලතාව, ඉවසීම සහ ධෛර්යය අවශ්‍යයි. කාන්තාවන් මෙම කටයුතුවලදී වඩාත් ධෛර්ය සම්පන්න සේවාවක් ඉටුකරයි. ‘‘යැයි නියෝජ්‍ය ප්‍රධානී කෙලී ප්‍රකාශ කර ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ අජිත් අලහකෝන්
 

More News..