brand logo

වස්කඩුව සිට්ට්‍රස් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

21 March 2020

කාමර 150 කින් යුත් වස්කඩුවේ සිට්ට්‍රස් හෝටලය(Citrus Waskaduwa) නිරෝධන මධ්‍යස්ථානයක කටයුතු සදහා ලබා ගන්නැයි එහි හෝටල් පාලනාධිකාරිය කොවිඩ් 19 ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර ඇත. කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මේ බව නිල වශයෙන් දැනුම් දුන් බවද යම් හෙයකින් හෝටලය අදාළ කටයුතු සදහා තාවකාලිකව භාවිත කිරීමෙන් පසුව , නැවත සාමාන්‍ය පරිදි හෝටලයේ කටයුතු ආරම්භ කිරීමට පෙර එහි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු කිරීම් සිදු කරන බවද වස්කඩුව සිට්‍රස් හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලය කියා සිටී. සංචාරක අංශය මුහුණ දී ඇති ව්‍යසනකාරී බලපෑමට අමතරව, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ධෛර්ය සම්පන්න උත්සාහය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී.
 

More News..