brand logo

වසර 8ක් හොරෙන් ජලය ලබාගත් උපකාරක පන්ති ගුරා

07 February 2021

    සාලියවැව ප්‍රදේශයේ ජලයෝජනා ක්‍රමයක් මගින් වසර 8කට ආසන්න කාලයක් හොරෙන් ජලය ලබාගත් පෞද්ගලික පන්ති පවත්වාගෙන යනු ලබන ගුරුවරයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී තිබේ. සාලියවැව පොලීසිය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් සාලියවැව පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන අරඹා තිබේ. සැකකාර උපකාරක පන්ති ගුරුවරයා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව විසින් සාලියවැව නගරයේ පිහිටා ඇති පුස්තකාලයට සහ පොදු වැසිකිලියට ජලය ලබාගන්නා, ජල මාර්ගය අතරමගදී පළුදු කර තමන් විසින් පවත්වා ගෙන යන පන්තියට ජලය ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් ජයසිරි බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වසර 8කට ආසන්න කාලයක් උපකාරක පන්ති ගුරුවරයා විසින් ලබා ගෙන ඇති ජලය සඳහා සාලියවැව ජල යෝජනා ක්‍රමයට මුදල් ගෙවා ඇත්තේ තම සභාවෙන් බවයි. සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

More News..