brand logo

වසර 34කට පසුව ශ්‍රී ලංකා නවසීලන්තයට එරෙහිව අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

27 December 2018

නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 104ක‌ට දැවී යාමත් සමග ටෙස්ට් ක්‍රිකට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යා වාර්තා කිරීමේ ලැයිස්තුව අද නැවත වරක් අලුත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ ඉනිමකදී වාර්තා කළ තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. මීට පෙර 1983 වසරේදී වෙලිංටන් හිදී ලකුණු 93කට ශ්‍රී ලංකාව දැවී ගිය අතර, ඉන් අනතුරුව 1984 වසරේදී මහනුවරදී ලකුණු 97කට ශ්‍රී ලංකාව දැවී ගියා. අද දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙලෙස අවම ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ වසර 34කට පසුවයි.
 

More News..