brand logo

වසර 21කට පෙර පෝර්ට් එලිසබත් හි ලැබූ ජය ශ්‍රී ලංකාවට හෙට හිමිවෙයිද ?

12 March 2019

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ සිව්වැනි තරඟය හෙට (13) පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් හීදිය. එම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5කට සහභාගි වී ඇති අතර, ඉන් ජය ගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණක් ය. අනෙකුත් තරඟ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් පිටියේදී ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරඟයක් ජයගෙන ඇත්තේ 1998 වසරේදීය. කෙසේ වෙතත් හෙට (13) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එය වසර 21කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක් පෝර්ට් එලිසබත් හි ලද ජයග්‍රහණයක් බවට පත්වනු ඇත.
 

More News..