brand logo

වසර තුනක් සේවා කාලය සම්පුර්ණ ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව

11 July 2019

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට තම දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව ජාතික පාසල්වල 1, 5, 6, සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීම සඳහා මේ යටතේ අවස්ථාව උදාවෙයි. තමන් සේවය කරන පාසලට තම දරුවන් ඇතුළත් කර ගැනීම තුළ යහපත් මානසිකත්වයකින් ගුරුවරුන් සිය ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට පෙළඹෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය විශ්වාස කරන අතර ඒ තුළින් ඵලදායී සේවයක් ගුරුවරුන්ගෙන් ලබා ගනිමින් අධ්‍යාපන පද්ධතියට යම් දිරි ගැන්වීමක් ලැබෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.
 

More News..