brand logo

වසර තිහකට පසුව යාපනය අවතැන් ජනතාවට මුල් ඉඩම් පවරාදෙයි

22 August 2018

ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන් වූ යාපනයේ ජනතාවට සිය මුල් ඉඩම් පවරාදීමේ තවත් උත්සවයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී පැවැත්විණි. යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරුවල හා වෙනත් ස්ථානයක්ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි ජනතාවට අයත් ජේ. 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමේ ඉඩම් අක්කර 4.20 ක ප්‍රමාණයක් එලෙස නැවත පවරා දෙන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, අදාළ ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ලබාදීම පිණිස යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වෙත නිල වශයෙන් පැවරීම මෙම උත්සවයේදී සිදු කෙරිණි. මේ අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් සහ ප්‍ර‍දේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
 

More News..