brand logo

වසරක් ඇතුළත උතුරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගවලදී 27 දෙනෙක් මරුට

29 June 2019

ගත වූ වසරක කාලයේදී උතුරු පළාතේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හේතුවෙන් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව උතුරු නැගෙනහිර දුම්රිය හරස් මාර්ග මුරකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ජේ. රොහාන් රාජ්කුමාර් පවසයි. රාජ්කුමාර් පැවසුවේ වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කයන් හිදී පුද්ගලයින් දොළොස් දෙනකු කිළිනොච්චිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනකු හා යාපනය දිස්ත්‍රික්කයේදී පුද්ගලයින් 09 දෙනකු එලෙස අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. උතුරු නැගෙනහිර පළාත තුළ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු එකසිය දාසයක් පවතී. වව්නියාව දිස්ත්‍රික්කය තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 25ක්, යාපනය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 25ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 18ක්, මඩකලපුව දිස්ත්‍රික්කය තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 25ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 23ක් වශයෙන් තිබේ. වව්නියාව -මාධව කුලසූරිය
 

More News..