brand logo

වසංගත සමය මැද ෆෙඩරර් ලොව ධනවත්ම ක්‍රීඩකයා වෙයි

01 June 2020

ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බව සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව අනාවරණය කරයි. 38 හැවිරිදි ෆෙඩරර් ගෙවුණු මාස 12 තුළ ඩොලර් මිලියන 106.3 ක ආදායමක් උපයා ඇති අතර ෆෝබ්ස් සඟරාවේ ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට පැමිණි පළමු ටෙනිස් ක්‍රීඩකයා බවටද ෆෙඩරර් පත්වී තිබේ.. ක්‍රීඩා 10 කින් සහ විවිධ රටවල් 21 කින් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වසරේ ලැයිස්තුවට ඇතුළත් වූ අතර තවමත් 2016 සිට කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ලයිස්තුවේ ඉහළම නියෝජනය වී තිබේ. 20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ඇති ෆෙඩරර්,ලොව ප්‍රසිද්ධ පාපන්දු තරු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී අභිභවා පෙරට පැමිණීමද විශේෂත්වයකි. කොරෝනා වසංගතය නිසා පාපන්දු ක්‍රීඩකයන් වන මෙසී සහ රොනාල්ඩෝ සඳහා වැටුප් කප්පාදුවක් ඇති කළ අතර ඒ හේතුවෙන් ටෙනිස් ක්‍රීඩකයකුට ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කිරීමේ අංක 1ට පැමිණීමට අවස්ථාව සැලසී තිබේ.
 

More News..