brand logo

වසංගතය අතර මිනිස්සුන්ට තිරිසන් විදිහට සැලකූ බ්‍රිතාන්‍යයේ කාඩ් කුඩුවෙයි

23 May 2021

කොරෝනා හමුවේ  සුද්දාගේ කළුව හෙළි වෙයි බ්‍රිතාන්‍යයට පිටින් එන සුද්දන්ටත් බලු සැලකිලි

විශේෂයෙන්ම අපට නම් සුද්දන් යයි කී සැණින් සිහි වන්නේ බ්‍රිතාන්‍යයයි. මේ ගෝලීය වසංගත මැඬලීමේ කාර්යයේ පවා ප්‍රශස්ත ලෙස කටයුතු කරමින් ඉන්නා බටහිර රාජ්‍ය අතරෙන් එකක් වන්නේ බ්‍රිතාන්‍යයයි. එහෙත් ඔවුන් දිනා සිටි ඒ කීර්තිනාමයට නොගැළපෙන අන්දමේ කටයුත්තක් පිළිබඳව පසුගිය සඳුදා ද ගාඩියන් පුවත්පත හෙළිකොට තිබුණි. එහි සඳහන් වූයේ බ්‍රෙක්සිට් (Brexit) නීති යටතේ මේ වසංගතය අතරතුර යුරෝපා සංගමයට අයත් (EU)පුරවැසියන්ට සැලකූ නින්දිත පිළිවෙළ ගැන ය. බ්‍රෙක්සිට් යනු 2020 ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් හා යුරෝපා පරමාණුක බලශක්ති සභාවෙන් ඉවත්වීමට ගත් තීන්දුවයි.

ඒ කෙසේ හෝ වේවා මේ වසංගත සමයේ එරටට පැමිණෙන යුරෝපා සංගමයට අයත් පුරවැසියන්ට ගුවන් තොටුපළේ සිටම අඩත්තේට්ටම්වලට මුහුණ දෙන්නට සිදුව තිබෙන බව පැවසෙයි. බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළේ දී දෑතට මාංචු දමා, කිසිම වෛද්‍ය පහසුකමක් හෝ නො සපයා, ඉඳුම් හිටුම් නොසපයා වෑන් රථවල රාත්‍රිය ගත කරන්නට සැලැස්වූ බැව් චෝදනා කෙරෙයි.

මේ හෙළිදරව් කරන පුද්ගලයන් අතුරින් එක් තැනැත්තියක් වන්නේ ඉතාලි හා බ්‍රසීල ද්විත්ව පුරවැසි බව හිමි විසි හැවිරිදි ඇනා සිල්වෙස්ත්‍රෙ ය. ඇය සිය බ්‍රසීල ජාතික සැමියා ද සමග ලව්ටන් ගුවන්තොටුපළට ළඟාව තිබුණේ මැයි මස 8 වැනිදා ය. ගුවන් තොටුපළේ දී ඇගේ අතට මාංචු වැටුණු අතර, ඇයට ඒ රාත්‍රිය ගෙවා දමන්නට සිදුවූයේ වෑන් රථයක ය. ඉනික්බිති කෝන්බෲක් රඳවා ගැනීමේ මධ්‍යස්ථානයට ගෙන යනු ලැබූ ඔවුන් ආපසු ඉතාලියට පිටත් කර හැරියේ තවත් සත් දිනකට පසුව ය. [caption id="attachment_146536" align="alignnone" width="646"] ඇනා සිල්වෙස්ත්‍රෙ හා ඇගේ සැමියා[/caption] මේ කොරෝනා සමය තුළ එසේ රටවල්වලට ඇතුළු වන්නන්ට මෛත්‍රී කළ යුතු දැයි යමකු අසන්නට පුළුවන. එහෙත් බොහෝ දෙනා මෙහිදී ඉස්මතු කරන කාරණය නම් මීට වඩා සාධාරණ ලෙස හා මානුෂික ලෙස මේ කාර්යය ඉටු කරන්නට පුළුවන්කමක් තිබුණු බවය.  ඈන්ගේ සොහොයුරිය දෙවසරක් තිස්සේ පදිංචිව සිටින්නේ ලිවර්පූල්හිය. ඇය පැමිණ තිබුණේ තම සොහොයුරිය දැකබලා ගන්නට ය. ඈන් සිල්වෙස්ත්‍රෙගේ සොහොයුරිය පවසන්නේ අර රඳවා තබා ගැනීමේ කඳවුරේදී කවුරුන් හෝ ලබා දුන් දුරකතනයකින් ඇමතුමක් දෙන තෙක්ම ඔවුන්ට කුමක් වූයේදැයි කියන්නට තමා නොදත් බව ය.

සංක්‍රමණිකයන් ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල රෙගුලාසිවලට අනුව ඔවුන් අතර ඇති දුරකථන ආදිය සියල්ල එහි නිලධාරීන් භාරයට පත් කර ගන්නා අතර ගමන්මලු පවා ඔවුන්ගෙන් ඉවත් කරගනු ලැබෙයි.

" ඇය මට කතා කළ හඬමින්. ඇය දිගින් දිගටම පැවසුවේ ඔවුන් කටයුතු කළේ ඇය හා ඇගේ සැමියා ත්‍රස්තවාදීන් ගණනට දමා බවයි. ගුවන් තොටුපළේ සිට මාංචු දමාගෙන පයින් ඉදිරියට ගෙන යද්දී ලැජ්ජාව තරම් වෙනයම් තදබල හැඟීමක් ඇයට මුළු ජීවිතයේදී ම නොදැනුණු බව ඇය හඬ හඬා කිව්වා." සිල්වෙස්ත්‍රෙගේ සොහොයුරිය පවසයි. පළමු වතාවට තම පවුලේ හිතවතුන් පිරිසක් හමුවන්නට බ්‍රිතාන්‍යයට පැමිණි එස්තෝනියාවේ අබීට මුහුණ දෙන්නට සිදුවූයේද එබඳුම අවාසනාවන්ත අත්දැකීමකට ය. තාවකාලික රැකියාවක් සොයාගෙන එහි ඇතුළු වන්නට උත්සාහ කළේ යයි විසි හැවිරිදි ඇයට එරෙහිව චෝදනා නැගුණු අතර ඇයට ආපසු තම රට බලා යන්නට පුළුවන් වූයේ එහි රඳවා තබා ගනු ලැබ , බොහෝ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නට සිදු වීමෙන් පසුවය. අඩුම තරමේ ගමන් බෑගයේ තිබුණු බෙහෙත් පෙත්ත අතට ගන්නට පවා ඔවුන් ඉඩ නොදුන් බව ඇය පවසන්නීය. [caption id="attachment_146541" align="alignnone" width="637"] එස්තෝනියාවේ අබී රදවා තැබූ ස්ථානය[/caption] තමනට අවශ්‍ය පිළිතුර ලැබෙන තෙක්ම ඔවුන් ඇගෙන් දිගින් දිගටම එකම ප්‍රශ්නය ඇසූ අතර අන්තිමේදී එයින් මිදෙන්නට ඇයට හැකි වූයේ තම හිතවතුන්ගේ තොරතුරු ලබා දීමෙන් පසුවය. එහෙත් ඔවුන් සමග අදාළ නිලධාරීන් කිසිවිටෙකත් සාකච්ඡා නොකළ අතර දැඩි ලෙස ගිලන්ව සිටි ඇය වෛද්‍ය ප්‍රතිකාරවලට යවන්නට තරම් වත් ඔවුහු මානුෂික නො වූවෝ ය.

අන්තිමේදී එදා රැය ඇයට ගතකරන්නට වූයේ පිටුවහල් කිරීමට නියමිතව සිටි තවත් පිරිමින් දෙදෙනකු රඳවා සිටී ගුවන්තොටුපල කුටියකය.

  අන්තයේදී මේ අමානුෂික ක්‍රියා පටිපාටිය ගාඩියන් පුවත්පත හරහා එළිදරව් වූ පසු බොහෝ යුරෝපා පුවත්පත් යුරෝපා සංගමයේ පුරවැසියන් මෙසේ රඳවා තබා ගැනීම හා අසංවිධිත ආකාරයෙන් සලකනු ලැබීම ගැන ප්‍රශ්න කරන්නට විය. ඊට පිළිතුර ලෙස ලැබී තිබුණේ යුරෝපීය සංගමයේ පුරවැසියන් පිළිබඳ නීති වෙනස් ව තිබෙන බවය. යමෙකු තම මිතුරකු හෝ ඥාතියකු හමුවන්නට හා කාලය ගත කරන්නට පැමිණෙන්නේ නම් යම් ඇපයක් තබන්නට සිදු වන බවද එහි දක්වා තිබුණි. තවදුරටත් කරුණු පැහැදිලි කළ ඔවුන් ගෝලීය වසංගතයට මුවා වී කරුණු දක්වන්නට උත්සාහ කළ අයුරක් ද පෙණුනි. ඔවුන් පැවසූයේ කොරෝනා වසංගතය නිසා, එරටට පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳ නීති රීති වෙනස් කරන්නට සිදුව ඇති බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යම් යම් අඩුපාඩු සිදු වන්නට ඉඩ ඇති බවක් පැවසුනද මේ සා අමානුෂික ලෙස සැලකීම බ්‍රිතාන්‍යයේ දේශපාලකයන්ගේ පවා දෝෂදර්ශනයට ලක් වී තිබේ. [caption id="attachment_146543" align="alignnone" width="547"] ඇල්බර්ටෝ කොස්තා[/caption] ඒ අතරින් කැපී පෙනෙන චරිතයක් වන්නේ දකුණු ලෙස්ටෂයර් කන්සර්වේටිව් මන්ත්‍රී ඇල්බර්ටෝ කොස්තා ය. දීර්ඝ කාලයක් තිස්සේ යුරෝපානු සංගමයේ පුරවැසියන්ගේ අයිතිය පිළිබඳ පෙනී සිටින ඔහු පවසන්නේ බ්‍රිතාන්‍යට ඇතුල්වන යුරෝපීය සංගම් සංක්‍රමණිකයන් යම් විටෙක නීතියට පටහැනි වුවද , ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය ඊළඟ අවස්ථාවේ දීම වඩාත් ශිෂ්ටසම්පන්න වෙනසකට ලක් කළ යුතු බවය. පාලිත ජයකොඩි  
 

More News..