brand logo

වවුනියාව හා යාපනය විද්‍යාපිඨ නිරෝධායන මධ්‍යස්ථාන කරයි

12 October 2020

  වවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් දෙක අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබේ. පවතින කොවිඩ් අවධානම හේතුවෙන් අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇත. ඊයේ සවස සිට එම විද්‍යාපීඨයන්හි අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාම යුදහමුදාව විසින් සිදු කරනු ලබා ඇත. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය පාලනය අධීක්ෂණය කරනු ලබන අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්ෂණය කරනු ලබනවා. ඒ අනුව වවුනියාව විද්‍යාපීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දිනයේදී නිරෝධායනය වන පිරිස් 350කට අධික පිරිසක් රැගෙනවිත් තිබෙනවා. ඔවුන් එහි නිරෝධායනය කරවීමට පියවර ගෙන තිබෙනවා.
 

More News..