brand logo

වවුනියාව රෝහලේ විකිරණ ශිල්පීන් වැඩ වර්ජනයක

26 May 2021

වවුනියාව මහ රෝහලේ විකිරණ ශිල්පීන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දින 04ක වර්ජනයක් ඊයේ (25) දින සිට ආරම්භ කොට තිබීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගැටලු රැසක් පැන නැගී තිබෙන බව වාර්තා වී ඇත. ඔවුන් සඳහන් කර තිබෙන්නේ හිමි විය යුතු නිල උසස්වීම් හිමිව නොමැති බවත් ඔවුන්ගේ වැටුප් විෂමතාවයන් සංශෝධනයට ලක් කිරීමක් සිදු වී නොමැති බවත්ය. තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් සංකේතාත්මකව ඇරඹු එම වර්ජනය අඛණ්ඩ වර්ජනයක් කරා යොමු කරන බවද සඳහන් කර ඇත.
 

More News..