brand logo

වවුනියාව ප්‍රදේශ කිහිපයක භූමිය හෙළවෙයි

04 July 2019

වවුනියාව,තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන් වෙත අද(04) භූ කම්පන තත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශවාසීන් පැවසූවේ අද (04) උදැසන 9.52 ට පමණ අදාළ ප්‍රදේශයන් වෙත අදාළ භූ කම්පන තත්වය හටගත් බවයි. තත්පර ගණනාවක් අදාළ කම්පන තත්වය පැවති අතර, ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් පවා සෙලවෙන තත්වයක් හටගත් බවද ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශවාසීන් පැවසූවේ භු කම්පන තත්වයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වවුනියාව කාර්යාල නිළධාරීන්ගෙන් විමසීමේදී ‍අදාළ නිළධාරීන් පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..