brand logo

වවුනියාව නගරය ආශ්‍රිත ප්‍රධාන මාර්ග වසාදැමේ

14 January 2021

    වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ ආසාදිත ගැබිණි මවකගේ ආශ්‍රිතයන්ගෙන් කොවිඩ් වෛරසය ව්‍යාප්තව එය මේ වන විට ආසාදිතයන් 148ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. මේ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කර ඇත. මේ ආකාරයෙන් වවුනියාව නගරය ආශ්‍රිතව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා නගරයේ ප්‍රධාන මාර්ග වසාදමා තිබෙන බවද වාර්තාකරුවන් සඳහන් කරනවා. වාර්තාකරුවන් සඳහන් කරන්නේ නගරයට පිවිසීමට අවස්ථාව ලබාදී ඇත්තේ රාජ්‍ය සේවකයින්ට සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිස්වලට පමණක් බවයි. එසේම වවුනියාව මහ රෝහලේ සාත්තු සේවකයෙක්ට සහ රෝහල් කාර්යමණ්ඩලයේ කළමනාකරණ සහකාරවරයෙක්ටද කොවිඩ් වැළඳී ඇති බව වාර්තාවනවා.
 

More News..