brand logo

වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම්ට එරෙහිව උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී. ලිංගනාදන්විගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

21 August 2018

වවුනියාව උතුර ප්‍රා‍දේශීය ලේකම්වරයා ඇතුළු පුද්ගලයින් 55 දෙනෙකුට එරෙහිව විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඊයේ (20) ඉදිරිපත් කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී. ලිංගනාදන් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ලෙසට තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ‍නිලධාරීන් සිදුකරනු ලබන අයතා ක්‍රියාවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් ඉල්ලීම් කළ බවද හෙතෙම පැවසීය. ජී.ටී.ලිංගනාදන් වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශය නියෝජනය කරන අතර ලිංගනාදන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට බලපෑම් කරන බව පවසමින් ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ලිංගනාදන් මහතාට එරෙහිව විරෝධතා වැඩසටහනක් ද පැවැත්වූහ.
 

More News..