brand logo

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

15 August 2019

යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (14) අගමැතිවරයාගේ අවධානය ලබා ගැනීම පිණිස වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 907 ක් විරෝධතාවයක නිරතවුවද රජය හරහා තමන්ගේ ගැටළු වෙනුවෙන් නිසි විසදුමක් නොලැබුණ බවයි. අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ. අගමැතිවරයා මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතු බවද විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටියහ. වවුනියාව මහ රෝහලේ ඉදිකළ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට අගමැතිවරයා ඊයේ (14) වවුනියාව ප්‍රදේශයේ සංචාරයක නිරතවිණ. පොලිස් නිළධාරීන් තමන්ට අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් ලබානොදුන් බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..