brand logo

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

10 June 2019

යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ වවුනියාව දිස්ත්‍රික් ඥාතීන් ඊයේ (09) වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 841 ක් විරෝධතාවයක නිරතවුවද රජය හරහා තමන්ගේ ගැටළු වෙනුවෙන් නිසි විසදුමක් නොලැබුණ බවයි. අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ. ජනාධිපතිවරයා තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතු බවද විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටියහ. වවුනියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් වෙත සමෘද්ධි සහනාධාර ලබාදීම වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යවරයා පෙරේදා (08) වවුනියාව ප්‍රදේශයේ සංචාරයක නිරතවු අතර, ඊට සමගාමීව විරෝධතාවය පැවැත්විණ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ අදාළ වැඩසටහනට පැමිණි රජයේ නියෝජිතයින් වෙත තම ගැටළුව ඉදිරිපත් කිරීමට තමන් සුදානම්වුවද ඒ වෙනුවෙන් පොලිසියෙන් අවස්ථාවක් නොලැබුණ අතර, තම විරෝධතාවය නවතා දැමීමටද පොලිසිය කටයුතු කළ බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..