brand logo

වව්නියාව මණ්ඩපය විශ්වවිද්‍යාලයක් කෙරේ

09 June 2021

මෙම වසරේ අගෝස්තු මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වවුනියා විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය ලෙස එය මෙතෙක් හැඳින්වූ අතර ජූලි මස 31 වන දා සිට වවුනියාව මණ්ඩපය අවලංගු කෙරෙන බව එම ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ ගැසට් පත්‍රයේ නිකුත් කර ඇත. මෙම නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණික අධ්‍යයන යන පීඨ ත්‍රිත්වයෙන් සමන්විත වෙයි. මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය ඉතිහාස ගතවනු ඇත.
 

More News..