brand logo

වව්නියාවේදී ඝාතනය කළ ගාල්ලේ පොලිස් නිලධාරියාගේ අනුවේදනීය කතාව

01 December 2018

රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද ඝාතනයට ලක්වුයේ කෙස්ද ගිනි අවි දෙකට සිදුවුයේ කුමක්ද ? සියලුම මේ වන විටත් අභිරහසකි. මඩකලපුව-වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.‍වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටිය දී මෙම නිලධාරීන් දෙදෙනා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. පසුගිය (30) උදෑසන 6ට පමණ මෙම නිලධාරීන්ගේ මෘත ශරීර සොයා ගෙන තිබේ.මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ ‍සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි. වෙඩි වැදි මියගිය බවටද සැකයක් මතුවි තිබෙන බවද පොලිසය කියයි. මේ පොලිස් නිලධාරින්ගේ ගිනි අවි දෙකකද අතුරුදන්ව ඇතිබව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි පොලිස් කොස්තාපල් 82162 වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ සර්වෝදය පාර, පෙරිය නිලාවනේ,01/ඒ, කල්මුණේ පදිංචිකරුවකු වන පොලිස් කොස්තාපල් 8624 ගනේෂ් දිනේෂ් (25) නම් පොලිස් නිලධාරීන් දෙදෙනාය. මේවන විට දේහයන් දෙක මඩකලපුව රෝහලේ තැමිපත් කර ඇත.ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදුවෙමින් පවති. පොලිසිය යනු මහජනතාවගේ කැමත්තෙන් නිතිය හා සාමය සදහා යෝජනා කරනු ලබන නිති රිති පද්ධතිය ආරක්ෂා නොකරන්නන් නිති පද්ධතිය තුලට යොමුකිරිම සදහා පිහිටුවා ඇති මහජන ආයතනයකි මහජන මුදලින් ආයතනය නඩත්තු කරන අතර නිතිය හා සාමය ආරක්ෂාකිරිම එම ආයතනයේ වගකිමයි.මෙම වගකීම අකුරටම සිදුකරන්නට අපේ පොලිස් විරුවෝ පියවර ගත්හ. වැස්ස ද, අව්වද පින්නද මීදුමද කුණාටුවක් ද, පොලිස් නිලධාරියාට ප්‍රශ්ණයක් නොවේ. කළ යුත්තේ ජනතාව ආරක්ෂා කිරිමයි.නිතීය හා සාමය ආරක්ෂා කිරීමයි.මෙය අකුරටම සිදුකරන්නට මොවුන් එදා රාත්‍රි මුර සේවයට එන්නේ පොලිස් පොතේ රාජකාරි සටහන් කිරිමෙන් පසුවයි. වෙනදා මෙන්ම අදත් පාර කළුවරය. මේ ආකාරයට, කළුවරේ රාජකාරි කල ප්‍රථම දිනය ඉන්දිකට හා ගනේෂ්ට අලුත් අත්දැකිමක් නොවේ. නමුත්,තව නිමේෂයකින් සිදුවන්නේ කුමක්ද ? සිදුවිය හැක්කේ කුමක්ද ? යන්න පොලිසිය හෝ පොලිස් නිලධාරින් හෝ ඉන්දික හෝ ගනේෂ් දැන සිටියේ නැත. නමුත් යක්ෂයෝ ගොඳුරු සොයා ඒ වන විටත් කෑලි කපන මහ රාත්‍රියේ ගොඳුරට ඉලක්ක කරගනිමින් සිටියෝ ය. ගත වුයේ තිමේෂයකි. සිදු වුයේ කුමක්ද? කිසිවෙක් දැන සිටියේ නැත. යක්ෂයෝ වහා පොලිස් රාජකාරියේ සිටි අපේ පොලිස් මිතුරන් දෙදෙනොගේ ඇඟට පැන දිවි තොර කර ගිනි අවි ද රැගෙන පලා ගියෝය. ඝාතනය සිදුවන්නේ කෙසේද ඝාතනය සිදුකලේ කවුරුන්ද මේ වන විටත් අභිරහසකි. පොලිසිය ශක්තිමත්ය. නමුත් ඝාතකයෝ පෙර සිටිම සංවිධානාත්මකව සිටින්නට ඇත. ඒ නිසා ශක්තිමක් වු පොලිසිය හා සංවිධානාත්මක වු ඝාතකයෝ අතර ඉතා දරුණු ගැටුමක් ඇතිවන්නට ඇත. පොලිසිය පොලිස් මිතුරෝ රට ජාතිය ආගම පොලිසිය වෙනුවෙන් දිවි පුදා හෝ තම රාකාරිය දේවකාරිය සේ කරන නිසා හේ මහ රාත්‍රියේ ඝාතක යක්ෂයන් සමඟ සටන් කළහ. නමුත් අවසානයේ සිදුවුයේ ඝාතක යක්ෂයෝ ජය ගැනීමයි. අවසන් මොහොත දක්වා සටන් කළ පොලිස් මිතුරන් දෙදෙනා ජීවිතයෙන් සමුගත්තේය. ඝාතකයෝ සැඟව ගත්හ. සිදු වු දේ සියල්ලම කළුවර නොසැලි ඇස ගසාගෙන බලා සිටියේ ය. තමනට කළ හැක්කේ එය පමණි. කළුවරේ පැමිණි ඝාතක යක්ෂයෝ මේ මහා අපරාධය සිදුකර මිනිස් ඝාතන දෙකක් සිදු කර පලා ගියෝ ය. ඝාතනය කරන ලද අපේ කතාන්දරයේ පොලිස් විරුවකු වන ගාල්ලේ උඩුගම පදිංචි පොලිස් කොස්තාපල් 82162 වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) ශෝකි පුවත සත්තකින්ම අනුවේදනීය වුවකි. එය මෙසේ ය. ඉන්දික පොලිස් සේවයට යොමු වන්නේ,2009 වර්ෂයේ දීය. ක්‍රිඩාවවට මෙන්ම ඉගෙන ගැනිමට ද දක්ෂ වු ඉන්දික නිරත්තයෙන්ම ක්‍රීඩාවලින් ජය අත් කර ගත්තේය. කුඩා කළ සිටිම ඉන්දික අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරිකම්වලට දක්ෂ නිසාම පත්තියේ නායකයා මෙන්ම අ.පො.ස සා/පෙළ උසස් පෙළ දක්වා යන පාසල් ගමනේ දි පන්ති නායකයා මෙන්ම ශිෂ්‍ය නායකාය වුයේ පවුලට පාසලට ගරුත්වයක් මෙන්ම වාසනාවක් ද එක්කරගෙනයි.පුතාට ක්‍රිඩාවලිට දක්ෂයි ඉගෙන ගන්න දක්ෂයි. ඉන්දික පවුලේ ලොකු පුතා ඉන්දිකගේ තාත්තා අපට කිවේය. දුකයි කරන්න දෙයක් නෑ. අපි මොන අපරාධයක් කරලා ද කියලා හිතෙනවා. අපි කාටවත් කරදරයක් නොකර ඉන්නේ ජීවත් වෙන්නේ. ඉන්දික පුතා ගෙදර ට කරදරයක් නෑ. අවුරුදු පහකට විතර ඉන්දික පුතා විවාහ උනා. විවාහ වුනේ නදිකා ලක්මාලි එක්ක ගෙදර කැමැත්තේ විවාහය සිදු උනේ. අපේ කැමැත්තක් මෙම විවාහයට තිබුනා. දැන් පුතාගේ පුතාට වයස අවුරදු හතරයි. නිතරම සියා තාත්තා සියා තාත්තා කියා මට කතා කරනවා. මේ බලන්න මෙනුජිත් මෙත්ෂික පුතා තවම අවුරදු 04යි පෙර පාසල් තමයි යන්නේ තාත්තා තාත්තා කිය කිය නිතරම කතා කරනවා. එයා මේ පාර එනකොට උපන් දිනේට ලොකුවට ගන්නවා කියලා තමයි ඉන්දික පුතා ගියේ කෝ.... ඒ සේරම වතුරේ ගියා.පුතා දක්ෂයි දෛයිරිය වන්තයි. පුතා තනියම ම පඩියෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගත්තා නිවාඩුවට ආවම අපි බලන්න එනවා. මම ව්‍යාපාරයක් තමයි කරන්නේ මගේ වයස අවුරුදු 56යි. මගේ බිරිද රස්වාක් කරන්නේ නෑ. අපි දෙන්නා ඉතිං දරු මුණුඹුරුන්ගේ දේවල්ද බලාගෙන දරුවන්ගේ දේවල්ද සොයාගෙන ඒ අයට උපකාර කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉන්දිකට මල්ලිලා දෙන්නයි නංගි කෙනෙක්ද ඉන්නවා. මේ සියල්ලම විවාහ විලා තමයි ඉන්නේ දරුවන්ගෙන අපිට කරදරයක් නෑ. ඒ අය සමාජයට යහපත් ආකාරයට තමයි ජිවත් වෙන්නේ ඉන්දික පුතා ගමේ සියලුම දෙනා එක්ක ඇසුරු කරනවා. පාසලද පන්සලද කියලා වෙනසක් නෑ. බණ ගෙදර ද දානේ ගෙදරද යනවා උපකාර කරනවා. අනෙත් අය වගේ නොවෙයි කාටත් උපකාර කරනවා. පොලිසියේ ඉන්වාය කියලා ලොකු කම් දාන්නේ නෑ. කටත් උපකාර කරනවා. අපිට ඉන්දික පුතා නැති උනා. අමානුසික ආකාරයට මරලාය කියලා තමයි කියන්නේ. මට මගේ පුතා නැති උනා ඉන්දිකගේ බිරිදට නදිකා ලක්මාලි දුවට ස්වාමියා නැති උනා. මගේ මුණුඹුරාට මෙනුජිත් මෙත්ෂික පුතාට තාත්තා නැති උනා.අපිට මේ දුක දිලා පුතා යන්න ගියා යැයි,කඳුළු සලමින් ඉන්දිකගේ පියා වු ව්‍යාපාරික ඩබ්ලිව්. ජී උපසේන මහතා (56)කීය. ඉන්දිකගේ අම්මා එචි පී රංජිනි ගෘහණියක වුවාය. ඇය සිය වැඩිමල් පුතා නැති සොවින් හඩන්නට වුවාය. ඇයි! ආත්තම්මේ ආතම්මා අඩන්නේ ආත්තම්මා අඩනකොට මටත් ඇඩෙනවා යැයි මෙත්ෂික පුතා අම්මාගේ තුරුලෙන් දිව විත් ආතම්මා ගේ ඇඟේ ඉල්ලි කියන්නට විය. ඇය ද දුක් වන්නීය. ඇයට තම ලොකු පුතා නොමැතිව ඇති ශෝකය දරාගත නොහැකි ය. ඒ අම්මාගේ හැටිය. තාත්තාද එසේ කියමින් කඳුළු සඟවා ගෙන කල යුත්තේ කුමක්ද කියා දිරිය පුතකුගේ දිරිය පියකු මෙන් ඉදිරියට සිදුකළ යුතු දේ සිදුකරන්නේය. ඒ තාත්තලාගේ ස්වභාවයයි. ඉන්දිකගේ මාල මල්ලි මන්දුමයා මදුර සම්පත් කීවේ අයියා අවට හැමදාමත් ආදරෙයි. පුංචි කාලයේ ඉදලාම අපිට වැරදි වැඩකට යොමු වන්න ඉඩ දුන්නේ නෑ. අපිට මේ තත්ත්වයට එන්නට අම්මා තාත්තා හැරිනු විට දෙවැනි තාත්තා උනේ ඉන්දික අයියා. එයාට පොලිස් සේවයේ දුෂ්කර සේවය නිමාව දකින්නට තිබුනේ මේ මාසයේ අන්තිමයි. 2019 ජනවාරි මාසයේ තමයි.දුස්කර සේවය අවසන් කරන්නට තිබුනේ. ඉතිං ඊට පෙර ඉන්දික අයියා අපිට නැති උනා ඇයි, හෙතෙම කීය. ඉන්දිකගේ බිරිද නදිකා ලක්මාලි කීවේ. ඉන්දික පසුගිය 23 වන දින ගෙදර ආවා. අපි සතුටින් ජිවත් උන් හැමදාමත් මට කතා කරනවා. පුතාගේ පෙර පාසල් කටයුතු සොයා බලන්න කියලා නිතරම කියනවා. මටත් දරුවටත් ආදරෙයි. පුතාට හොදට උගන්නන්න කියාලා තමයි එයා කීවේ. මමත් එයා කියන විදියට තමයි කටයුතු කලේ. පසුගිය 23 වෙනිදා තමයි ගෙදර ඇවිත් සේවයට ගියේ පන්සල් ද ගොස් අපි බුදුන් වැද්දා . අපි මල් පහන් පුජා කරලා සතුටිත් තමයි ඒ සතියේ හිටියේ මම නම් කිසිදා හිතුනේ නෑ ඉන්දිකට මෙහමෙ වෙයි කියලා මගේ ඉන්දිකට මෙහෙම දෙයක් වෙයි කියාලා මම හිතුවේ නෑ. පුතාගේ පෙර පාසල් උත්සවයට එන්න තමයි හිටයේ දෙසැම්බර් මාසයේ අන්තිමට තමයි පෙර පාසලේ උත්සවයට මම කොහොම හරි නිවාඩු අරගෙන පුතාගේ කොන්සට් එකට එනවා කියා තමයි. ඉන්දික ගියේ. අපි යාළු වෙලා ආදරය කරලා දෙන්නා හොඳින් හදුනගේන තමයි විවාහ උනේ. දොමාපියන් ද අවට ආශිර්වාද කලා වැඩිහිටයන්ගේ ආශිර්වාද මැද අපි විවාහ උනා වසර පහකට විතර පෙර. මගේ මෙත්ෂික පුතාට තාත්තා නැති පාඩුව මම හොයා දෙන්නේ කොහොමද ? මට මගේ ඉන්දික නැති උනා මගේ පුතා මම අපි දෙන්නා තැනි උනා ඇයි ඇය කියන්නීය. මේ අයගේ කතාන්දරයයි. ඉන්දිකගේ දේහය උඩුගම නිවසට ගෙන එන්නට සියලුම දේ සිදුකර ඇත. පසුගිය විසිතුන්වන දා ගෙදරින් පා ගමනින් පොලිස් සේවයට තම රාජකාරි ස්ථානයට ගිය ඉන්දික පුරා දින හතක් ගත වන්නට පෙර තම පොලිස් මිතුරන්ගේ කරමතින් උඩුගම නිවසට එන්න කියා ඉන්දක හෝ ඉන්දිකගේ පුතා බිරිද හෝ අම්මා තාත්තා අම්මා සහෝදරි සහෝදරියෝද සිහිනයෙවත් සිතුවේ නැත. සර සර ගා හඩ තලන සිදු කොඩි අහස පුරා වියන් බැඳ ඇත. සොවින් ලතවෙන අහස උඩුගම තේ යායවල් අතිරින් මිහිදුම් තිරපට අතරින් වැහි වළාවෝ කඳුළු සලයි නදිකාගේ කඳුළු නදියක් සේ ඇදි යයි. පියා අහමිවු මෙත්ෂික පුතා මෛත්‍රීයෙන් සෙනෙහසෙන් තාත්තා පොලිස් තාත්තා එන තුරු සිටියි. සත්තකින්ම පුතා තාත්තා මෙන් මේවර කොන්සට් එකේ දී විවිධ ඇඳම් තරඟය සඳහා සුදානම් වු සිටියේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයටයි. සිය තාත්තා මෙන්ම පුංචි පුතා ද පොලිස් සේවයට යන්නට පුංචි සිතයට තිබුනා විය හැකිය. මේ සීතල නන්ත්ල කාලයේ තාත්තා තන්තල් කුමාරයාසේ ගෙදරට එන විට පොලිස් ඇඳුමින් සැරසුනු පුතා මෙත්ෂික පොලිස් තාත්තාට ආචාර කරන්නට ඇඟිලි ගනන් කරගෙන සිටියේ ය. පුතාගේ පොලිස් ඇඳුම මසමින් ඇත.එය සුදානම්ය. හිස් වැසුමද තාත්තාගේ පොලිස් තොප්පිය ද වනවිටත් සකස් කර ඇති බව දැකිය හැකි විය. පොලිස් සේවයේ සිට එන තාත්තාට පොලිස් ඇඳුමෙන් සැරසි පෙර පාසල් වේදිකාවේ අපේ පුතා මෙත්ෂික මේවර රංගනය ඉදිරිපත් කරන්නේ මේ දෙසැම්බර් මාසයේ අවසානයේ දීය. ඒ තාත්තා ඉදිරියේ මේ දසුන්න රංගනය කරන්ට පුංචි පුතා සිතුවාය. නමුත්. සිදුවුයේ කුමක්ද පුතාට තාත්තා එන්නේ නෑ උත්සවයක තාත්තාමෙන් පොලිස් නිල ඇඳුමෙන් සැරසි වේදිකාවේ රංගනය කරන සිඟිති උත්සවය එක්වන්නට සිදු වෙම්. තාත්තා නැති ඛල ඝාතකයෝ මේ පුංචි කුරුළු කුඩුවේ ආදරය උදුරාගත්හ. පුංචි පුතා පොලිස් ඇඳුමෙන් සැරසි පෙර පාසල් උත්සවයේ දි තම ඉදිරිපත් කිරීම සිදුකරයි. තාත්තා ආයේ එන්නේ නෑ. ඇයි අම්මා කිව්වාට පුතාට ඒගැන විස්වාසයක් නැත. තාත්තා මම බලන්නට පොලිස් ඇඳුමෙන් සරසි පෙර පාසල් උත්සවයට එන තෙක් පුංචි පුතා පොලිස් ඇඳුමෙන් සැරසී සිටින්නට පුතා සුදානම්න් සිටිති.
 

More News..