brand logo

වලපනේ ශ්‍රි සුධර්ම විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල නායයෑමේ අවධානමක

10 February 2021

නායයාමට ඇති අවධානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලිපර්යේෂණ ආයතනය සිදු කල නිර්දේශ මත වලපනේ, ලියන්වෙළ, ශ්‍රි සුදර්ම විද්‍යාලයේ ප්‍රධාන දෙමල් ගොඩනැගිල්ලේ අධ්‍යාපන කටයුතු සදහා භාවිත කිරිම අද (10) අත්හිටුවීමට පියවර ගෙන ඇත. ​දැඩි නායයාමේ අවධානම් ප්‍රදේශයක පවතින මෙම විද්‍යාලයට මායිම්ව පිහිටා තිබෙන ප්‍රධාන මාර්ගයේ ආරක්ෂිත පැති බැම්මද කඩාවැටීමේ අවධානමක් තිබු බැවින් පසුගිය කාලයේ එක් පාසල් ගොඩනැගිල්ලක් භාවිතයට නොගෙන අතහැර දමා තිබේ. ​වලපනේ ප්‍රාදේශිය ලේකම්ගේ 2020 සැප්තැම්බර් 21 දිනැති ඉල්ලීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ විදුරගීකිනගේ මහතා විසින් සිදුකල පරියේෂණය මගින් විද්‍යාලයේ ප්‍රධාන දෙමහල් ගොඩනැගිල්ල නායයාමේ අවධානමකට පත්ව ඇති බවත්, එම ගොඩනැගිල්ල කිසිදු කටයුත්තක් සඳහා යොදා නොගන්නා ලෙසත්, එයට කිසිවකුට ඇතුල්වීමට නොහැකි පරිදි වසා තැබිය යුතු බවත් නිර්දේශකර ඇත. ​මෙම විද්‍යාලයේ සිසුන් 650 ක් පමණ ඉගෙනුම ලබන අතර ඉන්300 ක් පමණ අධ්‍යාපන කටයුතු හදාරන්නේ මෙම දෙමහල්ගොඩනැල්ලේය. එහි පැවැත්වු පන්ති ගණන 10 කි. අද දින මෙම ගොඩනැගිල්ලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම අත්හිටුවමින් සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන් ඉවත් කිරීමට විදුහල්පති ඩබ්: ඒ. සිරිසේන වික්‍රමාරච්ච් මහතා ඇතුලූ විද්‍යාලීය ගුරු මණ්ඩලය පියවර ගනු ලැබීය. ​මෙම ස්ථානය නිරික්ෂණය කිරීම සඳහා වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බී. නවරත්න මහතාද විදුහලට පැමිණි අතර ඔහු විසින් පාසල වෙනත් ස්ථානයක ස්ථාපිත කරන තෙක්, තාවකාලික ස්ථානවල හා එළිමහනේ අධ්‍යන කටයුතු සිදුකරන ලෙසට විදුහල්පති ඇතුලූ ගුරුමණ්ඩලයට උපදෙස් දෙන ලදී. අද (10) දහවල් විද්‍යාල භුමියට රැස්වු දෙමව්පියන් හා ආදිශෂ්‍ය‍යින් පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයකද නිතරවිය. 2016 වසරේ සිට පාසල් භුමිය නායයාමේ අවධානමකට ගොදුරු වී බවත්, එම වර්ෂයේදීම ආරක්ෂිත ස්ථානවල පාසල්ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 48 ක් වෙන් කල නමුදු ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව කොන්ත්‍රාත්කරු විසින් අදාල කාර්යයන් සිදු නොකල හෙයින් තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් පවසති. ​තාවකාලික විසඳුම්වලින් තොරව වෙනත් ස්ථානයක හෝ පාසල ස්ථාපිත කර තම දරුවන්ගේ ධයාපන අයිතිය සුරකින ලෙස ඔවුන්, මෙමස්ථානයට පැමිණ සිටි වලපනේ කලාප අධ්‍යක්ෂ පී. බී. නවරත්නමහතාගෙන් ඉල්ලා සිටින ලදි. චන්දන ජයවීර - හැටන්
 

More News..