brand logo

වලපනේ භූ කම්පනයක්

22 January 2021

වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් අද (22) අලුයම 3.30 ට පමණ හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය. අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත බව සඳහන් වේ. මෙම භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති අතර වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
 

More News..