brand logo

වලපනේ - පදියපැලැල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි

02 December 2020

වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම වලපනේ පොලීසිය, වලපනේ ප්‍රාදේශීය ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ පදියපැලැල්ල විධායක ඉංජිනේරුවරයා සමග සාකච්වක් පවත්වා සෙම්බන්ධයෙන් ගත් තීරණයකට අනුව අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා මාර්ගය වසා තැබීටමට පියවර ගෙන තිබේ. ඒ අනුව එම කාලය තුළදී වලපනේ පදියපැලැල්ල මාර්ගයෙන් ගමන් ගන්නා වාහන මතුරට මාර්ගය, වලපනේ ප්‍රදේශයෙන් කීර්තිබණ්ඩාරපුර හරහා රජ මාවත භාවිතා කිරීමට හැකියි.
 

More News..