brand logo

වරෙන්තු ඕන නෑ බදියුදීන්ව අත්අඩංගුවට ගන්න

13 October 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලීසියට උපදෙස් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙසට අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, එය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව පොලීසියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.
 

More News..