brand logo

වරුණ ලියනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

03 January 2020

රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ලියනගේ මහතා කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පසුගිය දෙසැම්බර් 12 වැනිදා රාත්‍රීයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළේය. රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් අතර, එම පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වෙත දැනුම් දී තිබුණි. ඒ අනුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා එම මන්ත්‍රී ධුරය සඳහා නම් කරමින් කොමිෂන් සභාවට වාර්තා කර තිබුණි. ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළේය.
 

More News..