brand logo

වරාය නගර පනත සම්බන්ධයන් ආණ්ඩු පක්ෂ සාකච්ඡාවක්

18 May 2021

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම්දීම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී සාකච්ඡා කර තිබේ. එම හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02හි දී අද (18) දින පවත්වා ඇත. මෙහිදී අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එහි වපසරිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීමවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් කර තිබේ. අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත . එම හමුව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරු එක්ව සිටි බවද වාර්තා වෙයි.
 

More News..