brand logo

වරාය අධිකාරියේ පුරප්පාඩු ගැන සමාජ මාධ්‍යවල පළවන්නේ අසත්‍ය ප්‍රචාර

11 February 2020

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු දහසකට ආසන්න ප්‍රමාණයක් සදහා බදවා ගැනීම් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි කිසිදු බදවා ගැනීමක් සිදු නොකරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව දැනට පුරප්පාඩු නොමැති අතර, කළමණාකරන ශ්‍රේණි කිහිපයක නිලධාරීන් විශ්‍රාමයාම නිසා වසර මැද භාගයේ එකී ශ්‍රේණිවලට අදාල පුරප්පාඩු කිහිපය ඇතිවිය හැකි බව පෙන්වා දෙන ලේකම්වරයා එකී පුරප්පාඩු සඳහා බදවා ගනු ලබන්නේ බදවා ගැනීමේ පටිපාටියට අනුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පමණක් බව අවධාරණය කරයි. එබැවින් දැනට සමාජ ජාල හරහා ප්‍රචාරය වන ව්‍යාජ දැන්වීම් කෙරෙහි විශ්වාසය නොතබන ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ල සිටී.    
 

More News..