brand logo

වරායේ ආදායමෙන් 1/4ක්ම ණය වලට

20 November 2020

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් සියයට විසිහතරයි දශම අටක් (24.8%)ක් ණය ගෙවීම සඳහා වෙන් කර ඇත. මේ බව අනාවරණය වූයේ කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට වරාය කටයුතු ඇමැති ​රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙනි. පසුගිය ඔක්තෝබර් මස 22 වැනි දින කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමූහයට පැවරීම සම්බන්ධව වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇත. එම පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය විසි හතයි දශම අටකි. (327.8) ඒ අනුව ජපානයෙන් රුපියල් මිලියන 14,227ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන හතළිස් පන්දහස් දෙසිය පනස් හතරක් (45,254) සහ දේශීය බැංකු සහ වෙනත් දේශීය මූලාශ්‍ර මගින් රුපියල් මිලියන එකළොස් දහසක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ණය වශයෙන් ලබාගෙන තිබේ. එසේම අනූනව අවුරුද්දකට චීනයට පවරා දුන් හම්බන්තොට වරායෙන් ලැබුණු ආදායම වන ඩොලර් මිලියන නවසිය හැත්තෑ හතරක මුදල මහා භාණ්ඩාගාරයට යොමු කර තිබුණද එම මුදලෙන් කිසිදු ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට යොදවා නොමැති බවද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි. වරුණි පෙරමුණ
 

More News..