brand logo

වර්ෂාව පවතින අවස්ථාවේ කාපට් ඇතිරුවාට රිදියගම ප්‍රදේශවාසින්ගෙන් විරෝධය

26 November 2018

අම්බලන්තොට රිදියගම ප්‍රධාන මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව වර්ෂාව සහිත අවස්තාවේදී කාපට් ඇතිරීම සිදුකිරීම නිසා 25 රාත්‍රී ප්‍රදේශයේ ජනතාවගෙන් ඊට දැඩි විරොදයක් එල්ලවිය. වසර 50 කට පමණ ආසන්න කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තකට ලක් නොකිරීම නිසා අම්බලන්තොට රිදියගම මාර්ගය දැඩි ලෙස අබලන්ව පැවතිනි. මෙලෙස අබලන්ව පැවති රිදියගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ලක්ෂ 400 කට අධික මුදලක් වෙන්කර මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ඉකුත් අගෝස්තු මාසයේදී සිදුකෙරිණි. ඒ අනුව මාර්ගයේ වැඩකටයුතු පසුගිය දින කිහිපය තුලදීම සිදු වූ අතර ඉකුත් 25 දින රාත්‍රී වර්ෂාව පවතින අවස්තාවේදී කොන්ත්‍රාත්කරුවන් මාර්ගයේ කාපට් එලීමට කටයුතු කර තිබුනේ මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිලධාරියාද නොමැතිවය. නිසි ප්‍රමිතියකින් තොරව වර්ෂාව සහිත අවස්තාවේදී අවිධිමත්ව කාපට් ඇතිරීම නිසා මාර්ගය නිසිලෙස පිළිසකර නොවන බවත් හා මෙවැනි කොන්ත්‍රාත් කරුවන්ගේ ක්‍රියාවන් නිසා මහජනතාවගේ මුදල් විශාල වශයෙන් හානියට පත්වන බව පවසමින් ප්‍රදේශයේ ජනතාව කාපට් ඇතිරීමට දැඩි විරෝධයක් එල්ලකෙරිණි.පසුව එම ස්ථානයට පැමිණි අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත කාපට් ඇතිරීම නවතා දැමීම සිදු වූ අතර ඒ වන විටත් දමා තිබු කාපට් තට්ටුව ගලවා ඉවත් කිරීමටත් කොන්ත්‍රාත් කරුවන් කටයුතු කළහ.
 

More News..