brand logo

වර්තමාන ආණ්ඩුවේ වගකීම් දරන්න කිසිවෙකුත් නැහැ - මහින්ද

30 July 2019

පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලට ආදායම් නිලධාරීන් වසර 10ක සිට බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බව සමස්ථ ලංකා පලාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් අද විපක්ෂනායකවරයා හමුවෙමින් පවසයි. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවෙමින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව අති බව මෙහිදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුවේ වගකීම් දැරීමට කිසිවෙකු නොමැති බවයි. ඉදිරියේදී පත්වන තම රජයකින් මෙම ගැටළු පිළිබඳ අවධානය යොමුකරන බව විපක්ෂනායකවරයා සදහන් කළේය. එමෙන්ම මේ වන විට බලය බෙදීම පිළිබඳවද රටතුළ කතිකාවතක් ගොඩනැගී ඇති බවත් පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලට ලබාදෙන බලය පිළිබඳව හා අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන පළාත් පාලන ආයතන වෙත සෘජූවම ලබා දීම පිළිබඳ අවධානය යොමුව අති බව මෙහිදී විපක්ෂනායකවරයා පැවසීය.
 

More News..