brand logo

වරද අමාත්‍යංශයේ නම් ඉල්ලා අස්ව‍න බව ඩලස් කියයි

23 August 2020

පසුගිය දිනවල සිදුවූ විදුලි විසංදිවීම් වලට අමාත්‍යංශය වගකිව යුතු නම් තමන් ධුරයෙන් ඉවත්වන බව අමාත්‍ය වරයා පවසනවා. වැඩි දුරටත් අදහස් දක්වන අමාත්‍ය වරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට පවසන්නේ නම් තමන් ධුරයෙන් ඉවත්වන බවයි. "විදුලිබල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්නවා..ඉගෙනගන්නකොටම ලයිට් ගියා..එදා දවල්ම මම කිවුවා කමිටුවක් පත් කරන්න කියලා..සඳුදා වෙනකොට මම හිතනවා එහි වාර්තාව ලැබෙයි කියලා.." "ඒ වාර්තාවේ කියනවා නම් විදුලිබල අමාත්‍යාංශයේ තමයි වැරැද්ද කියලා අඟහරුවාදා ඉදන් ඩලස් අලහප්පෙරුම නෙවෙයි විදුලිබල ඇමති.." මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව පවසා ඇත. එමෙන්ම අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිත බව සඳහන්.
 

More News..