brand logo

වයසක මිනිස්සු මත්කර සැප විඳින්න ගිය දෙන්නෙක්

15 November 2022

හිතවත්කම් පෙන්නමින් කරගෙන ගිය අමුතුම ජාවාරමක්

මහමග ගමන් ගන්නා   වයෝවෘද්ධ පුද්ගලයන් රවටා රැගෙන ගොස්  මත් කර ඔවුන් සතුව තිබූ රන් භාණ්ඩ හා මුදල්ද කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක  පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි ඔවුන් එලෙස කොල්ල කා තිබූ රන්  මුදු හතරක්  ,රන්මාල දෙකක් හා අත් පළඳනාවක් පොලිස් භාරයට ගෙන ඇත ඉකුත් මාස කිහිපය තුල වැල්ලවත්ත නාරාහේන්පිට හා එඬේරමුල්ල පොලිස් බල ප්‍රදේශවල  එකම ආකාරයෙන් සිදු වූ මෙම කොල්ල කෑම් හතරක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් පිළිබඳ වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මරදාන සහ ජින්තුපිටිය ප්‍රදේශවල රැඳී සිටියදී ය. මඩකලපුව සහ බදුල්ල  පදිංචි  අවුරුදු 63 සහ 64 පසුවන මෙම පුද්ගලයන් දෙදෙනා  කොළඹ ප්‍රදේශයේ ලොජ්වල නැවතී  මෙම ජාවාරම සිදු කරන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සංවිධානාත්මක සොර කල්ලියට තවත් සාමාජිකයින් ඇද්දැයි සොයා වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය රන් භාණ්ඩ පැළඳ මහමග ගමන්ගන්නා වයෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් සමඟ හිතවත් වී ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයන මුවාවෙන් රැගෙන ගොස්  මත්පෙති මිශ්‍ර බීම ලබාදී කොල්ලකෑම සිදුකර තිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයා මත් පිටි මිශ්‍ර බීම ලබා දීමෙන් ඇතැම් වයෝවෘද්ධ පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයට තත්ත්වයට පත්ව රෝහල්ගත කිරීමට පවා සිදුව තිබේ. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බිමල් ශ්‍යාමන් ජයසිංහ -බණ්ඩාරගම
 

More News..