brand logo

වයඹ පාසල් ඇරඹීම කල් දමයි

20 November 2020

කොවිඩ් අවදානම හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසංගත අවදනනමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23වන දා දක්වා තවත් සතියක් කල්දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කරනවා. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කලේ අද (20) කුරුණෑගල පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්චාවකින් අනතුරුවයි. එසේම මෙම තීරණය වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව වයඹ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත දන්වා යවන බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කරනු ලබා ඇත.
 

More News..